ඔබට හැකිනම් ඔබේ පළාතේ ඇති බෙහෙත් පැළෑටි වල පින්තුර මා වෙත එවන්න.ඒවා මෙහි පලකරන්නම්.
නිතර ලැබෙන දුරකථන ඇමතුම් මගින් මට හැඟෙන්නේ මේ ඔඉටුවෙන් යම් සේවයක් වන බවයි.
ac9ecf31ed154fb1b8088127fd373549
It's one of my hobbies to collect photos of Ayurvedic herbal plants.(creepers trees plants etc;) Many people today haven't seen them.I want to share them with you all.I hope to publish thousands more medicinal plants photos in future.ඖෂධ පැළෑටි හා ගස්වල පින්තූර එකතු කිරීම මගේ විනෝදාංශයකි.අද සමාජයේ බෙහෙත් පැළෑටි නොහදුනන අය බොහෝය.මෙහිදී ඔබට විවිධ බෙහෙත් පැළෑටි වල ඡායාරූප දැකගත හැකිය.දහස් ගණනක් ඡායාරූප මා එකතු කර ඇත ඒවා ඉදිරියේදී පළකරීමට බලාපොරොත්තු වෙමි.
ඉතා දිඟු කාලයක පටන් මා විසින් ගන්නා ලද ඡායාරූප දහස් ගණනක් අතුරින් තෝරාගත් ඡායාරූප මෙම පිටුවට ඇතුළත් කරමි. මෙහි පළකරන සියලුම ඡායාරූප අවට පරිසරයෙන් ලබාගත් ඒවාය.අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප මෙම එකතුවේ නොමැත.මෙහි එන සමහර නාමයන් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය.
මෙහි දැක්වෙන සියලුම පැළෑටි,තෘණ, වැල්,මල් හා ගස් වර්ග බෙහෙත් සදහාම (මිනිසුන් හෝ සතුන් සඳහා ) පමණක් භාවිතා කරන ඒවා බවද සලකන්න.සෑම ගසක වැලක මලක,මුලක,පොත්තකම යම් යම් ලෙඩ සුවකරන ගුණයන් ඇත.එහෙත් ඒවා සියල්ලම බෙහෙත් පැළෑටි ලෙස නොසැලකේ.උදා: කරපිංචා ලෙඩ සුවකරයි.එහෙත් එය බෙහෙත් පැළෑටියක් ලෙස හදුන්වනු නොලැබේ.....එසේම කොස්,ගොරකා සියඹලා මෙන්ම විෂබීජ නසන පොල්තෙල් ලබාගන්නා පොල් ගසද බෙහෙත් පැළෑටියක් ලෙස නොසැලකේ.
එසේම මෙම පිටුවේ අරමුණ වඳවීගෙන යන ඖෂධ පැළෑටි හදුනාගැනීමට පහසු ලෙස පෙන්වා දී ඒවා රැකගැනීමයි.මෙහි පාඨකයන් මුලාවෙන තොරතුරු ඇතුලත්කර අනාගතයේ වෙළඳ දැන්වීම්
ප්රචාරයට කරා නොයන පිටුවකි මේ. ( ලස්සන කැළෑ මල් දැකීමට HTTP://LANKAWILDFLOWERS.BLOGSPOT.COM/ කැළෑ මල්.කොම් වෙත පිවිසෙන්න. ස්තුතියි ... නැවත එන්න.)